Wednesday, October 12, 2011

වර්තමාන රූපවාහිනී මාධ්‍ය කළාව. . . .

ඈත්ත වශයෙන්ම කියතොත් මට මෙහෙම මාතෘකාවක් ගෑන ලියන්න හිතුනෙ, පහුගිය ඉරිදා උදේ අහම්බෙන් වගේ මම බලපු ' ඉරිදා ආයුබෝවන් ' වෑඩසටහන නෑරඹීමත් එක්ක.සාමාන්යෙන් මට ඉරිදා දවසේ රූපවාහිනී වෑඩසටහන් නරඹන්න ලෑබෙන්නෙ නෑහෑ. ඉඩක් ලෑබුනොත්, මතක් උනොත් උදේ 7.30 ට යන් ඉරුදින අරුණෑල්ල බලනවා. මොකද මගේ ඉරුදින චරියාවේ කොටසක්නෙ, වගා කරන එකත්.

මම උදේ කනගමන් නිකමට වගේ තමයි TV එක දෑම්මෙ. ඒත් ඒ වෙලාවෙ තිබුණ සංවාදය ඉතා හෑඟීම් බර, අනුවේදනීය, ආදර්ශී එකක් බව තේරුන නිසා, ඒක දිගටම බෑලුවා.

ඒකට ඈවිත් හිටියෙ ලංකාවෙ ඉන්න ප්‍රවීන රංගධරයෙක්, නාට්ය අධ්යක්ෂවරයෙක්, රචකයෙක්, නළුවෙක්, අංග රචකයෙක් වගේම සවුන්දර්ය්‍ය විශ්ව විද්යාලයේ කථිකාචාර්ය වරයෙක් වන ජයලාල් රෝහණ මහතා සහ එයාගේ 13න් වියෑති දියණිය.

ඈත්තටම මටත්, නිවේදකයටත්(මහේෂ්), නිවේදිකාවටත්(කෞශල්යා) ඈස් වලට කඳුලු එන අතීත කතාවකින් තමයි මේ සන්වාදය ගලාගෙන ගියේ. සමහර අද සමාජයේ ඉහල තලවල ඉන්න මිනිසුන් ඒ තත්වයට පත්වෙන්න කෙතරම් දුක් විඳලා තියනවද කියලා දෑනගන්න පුළුවන් වෙන්නෙ ඒ වගේ අතීතය අමතක නොවුන, නොකරන ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගෙන් පමණයි කියලා මට හිතෙන්නෙ.

ඈත්තටම අද කාලෙ හෑදෙන වෑඩෙන සල්ලි නෑත්නම් මොනවත් කරගන්න බෑහෑනෙ කියන ළමයින්ටත්, කිසිම අඩුවක් පාඩුවක් නොතේරෙන ළමයින්ටත් මේ වගේ පුද්ගලයන් වර්ථමාන තත්වයට එන්න වින්ඳ දුක් කරදර, ඔවුනෙගේ නොපසුබට උත්සාහය කෑපවීම අහනවනම් ඉතා වටිනවා. ඒ වගේම අනෙකුත් නාලිකාවල යන වල් පල්, ඕප දූප වෑඩසටහන් වලට වඩා මේවා කොච්චර අර්තාන්විතද?

මම උනත් සෑම රූපවාහිනී නාලිකවක්මවගේ නරඹනවා. ඒවායේ විකාශනය කරණ, තුට්ටු දෙකේ, කිසිම හරයක්, ගතයුත්තක නෑති වෑඩසටහන් පවා මම නරඹලා තියනවා.

ඒත් මම කියන්නෙ, ලන්කාවේ මාධ්‍ය, හුදු, සරල, තාවකාලික විනෝදස්වාදය දීලා මදි කියන එක. ඔවුන්ට ඊට වඩා එහාට ගිය ලොකු සමාජ වගකීමක් තියෙන්න ඕන. ගොඩක් මාධ්‍ය බලන්නෙ, මේ රටේ ඉන්න හයක් හතරක් නොතේරණ, ජීවිත අවබෝධයක් නෑති තරුණ කොළු ගෑටයින්, ගෑටිස්සියන් අල්ලගන්න වල්පල්, ඕපදූප වෑඩසටහන් කරලා තමන් තමයි, ජනප්‍රිය කියලා පෙන්නන්න.

මේක තමයි අද විද්යුත් මාධ්‍ය කලාවේ තේමාව. මේක හරිම ශෝචණීය, ඛේදනීය ප්‍රවනතාවක්. මේ ගෑන රටේ පාලකයින්වත් හිතන්නෙ නෑහෑ. සමහරවිට හිතන්න උවමනාවකුත් නෑතුව ඈති, මොකද මේවගේ හුදු විනෝදයට කෑමති පිරිසක් රටේ ඉන්න කොට, එයාලට එයාලා කෑමති විදිහට රට කරවන්න පුළුවන් නිසා.

ඈත්තටම මට හිතාගන්න බෑහෑ, මාධ්‍ය නියාමනයන් පනවන්න බෑරි ඈයි කියලා. බෑරිකම නෙවෙයි තියෙන්නෙ, උවමනාවක් නෑතිකම සහ එහෙම කරොත් තමන්ටවන පාඩුව වෙන්න ඕන.

උදාහරණයක් විදිහට ගත්තම සිරස රූපවාහිනී චෑනලයේ ඉරිදා උදේට විකාශය කරන "ඉරෝෂයි නිරෝෂයි", ස්වර්ණවාහිනියේ ඊට සමගාමීව විකශයවන "Coffee with ලහිරු & මුදිත" . මෙවාට ගෙන්නන්නෙත් ජනප්‍රිය යයි කියන කෝඩුකාර නළු,නිලියන්,ගායක - ගායිකාවන් විතරනෙ. ඒ මදිවට ගෙන්නන පුද්ගලයන්ගෙන් අහන්නෙත් කිසිම හරයක් නෑති ප්‍රශ්න ගොන්නක්නෙ. බහුවරණ ප්‍රශ්ණ පත්තරයක් තියාගෙන, ගෙන්නන හෑම කෙනාගෙන්ම අහනවා. ඒ බහුවරණ තුනෙන් ගොඩක් වෙලාවට තියෙන්නෙ ධනාත්මක පිළිතුරු දෙකක්, අනෙක සෘනාත්මක එකක්. මේ එන ගොයියලා හෑමකෙනෙක්ම වගේ අවන්ක, සාධාරණ සර්වසුභවාදී බව පෙන්නන්න තෝරන්නෙත් අර ධනාත්මක පිළිතුරු විතරයි.

කොහොමත් ඉතින් මේ වගේ බොළඳ වෑඩසටහන් වලට ප්‍රවීණයන් හෝ සමාජීය වෑදගත්කමක් තියෙන කෙනෙක් එන එකකුත් නෑහෑනෙ.

මේවා ක්ෂණික වින්දනයක් පමණක් ලබලා දෙන, සෝඩා බෝතලේ කෑඩුවා වගේ වෑඩසටහන් විදිහටයි මම දකින්නෙ. නමුත් මීට වඩා හරවත්, සමාජයට වෑඩදායක, ළමයින් හා වෑඩිහිටියන්ගේ අධ්‍යාපනික, සාමාජීය අවබෝධය එක බිඳුවකින් හෝ උසස් කරන වෑඩසටහන් කරන්න අපේ පුද්ගලික නාලිකාවල වගකිවයුත්තන් කටයුතු කරන්න ඕන කියලයි මට හිතෙන්නෙ.

ව්ශේෂයෙන්ම සති අග වෑඩි ප්‍රෙක්ෂක පිරිසක් නරඹන උච්ච වේලාවන් වල ප්‍රචාරනය කරන වෑඩසටහන් වල ගුණාත්මකභාවය ගෑන සෑලකීම ඉතාම වෑදගත්. මේවා මුළු පවුලක්ම නෑරඹිය යුතු හා නෑරඹිය හෑකි හරවත් වෑඩසටන් වෙන්න ඕන. මුලු සතිය පුරාවටම සරල, බොළඳ වෑඩසටහන් වෑඩිපුර යන එකේ, සෙනසුරාදා, ඉරිදා යන දවස් දෙකටවත් මේ ගෑන හිතුවොත් හොඳයි.

කොහොම උනත් පුද්ගලික නාලිකවලත් හරවත්, සමාජීය මෙහෙවරක් කරන වෑඩසටහන් නෑතුවා නෙමෙයි. මොනවා උනත් අපි අගය කළයුතු දේ අගය කරන්න ඕන. නෑත්නම් අපි මහ කුහකයින් වෙනවා.

මම මේ හෑම දෙයක්ම කිව්වෙ මිනිස්සුන්ට වින්දනයක් අවශ්‍ය නෑහෑයි කියන්න කියලා වෑරදි අර්ථකතනයක් ගන්න එපා. මම මුලින් කිව්ව වගේ මමත් ඔය කියන බොළඳ වෑඩසටහන් බලලා තියනවා.

අද සමාජයේ මින්ස්සු වෑඩකරන්නෙ පුදුම ආතතියක් ඈතුව. ඒ ආතතියේ විශාලත්වය ඒ ඒ පුද්ගලයගේ රෑකියාවේ ස්වභාවය මත තීරණය වෙන්නෙ. මේ තත්වය පුද්ගලික අංශයෙදි ගොඩක් වෑඩියි. මොකද මම දන්නවා මම අවිවාහකයෙක් විදිහට ඉඳලත් සමහර වෙලාවට කොච්චර ආතතියකින්ද ඉන්නෙ කියලා. වෙලාවකට මට පිස්සු වගේ අවස්තා තියෙනවා, රෑකියාවේ හා ගෙදර ප්‍රශ්ණත් එක්ක. මේ තත්වය විවාහකයෙකුට තවත් වෑඩි මිසක් අඩු වෙන්න බෑහෑ.

ඒක නිසා මිනිසුන්ගේ ආතතිය තාවකාලිකව හෝ නෑති කිරීමට මේ විනෝදස්වාදක වෑඩසටහන් ඉවහල් වෙනවා. ඒක නිසා මිනිසුන්ගේ මනසට යම් සහනයක් දියහෑකි, මෙවෑනි විනෝදජනක වෑඩසටහන් තිබීම වෑදගත්. උදාහරණයක් විදිහට ගත්තම "‍YES BOSS", "නෝනාවරුණි මහත්වරුණි" Adult Comedy ගනයේ හොඳ වෑඩසටහන්.

ඒ වගේම හොඳ සංගීත වෑඩසටහන් මානසික ආතතිය නෑතිකරගන්න රුකුලක්. ඒ කිව්වෙ රියලිටි ෂෝස් ගෑන නෙමෙයි. ජාතික රූපවාහිණියේ " සඳ රඟ මඬළ " ," සඳ දිය දෝතක් " වගේ වෑඩසටහන්. ජාතික රූපවාහිණියම උදාහරණයකට ගත්තට තරහ වෙන්න එපා. පෞද්ගලික නාලිකාවලත් ඉතා උසස් වින්දනීය රසයක් ඈති සංගීත වෑඩසටහන් තියනවා.

ආපහු මම කියනවා. කොහොම උනත් පොදුවේ ගත්තම සෑම නාලිකාවකම වගේ හරවත්, සමාජීය මෙහෙවරක් කරන වෑඩසටහන් තියනව. මොනවා උනත් අපි අගය කළයුතු දේ අගය කරන්න ඕන. නෑත්නම් අපි මහ කුහකයින් වෙනවා.

මේකටම ඈඳිච්ච මාතෘකාවන් තමයි, වර්ථමාන FM නාලිකා, නවපරපුරේ නිවේදක නිවේදිකාවො, ඒ ගෑන වෙනම ලිපි දාන්නම්කො. නෑත්නම් මේක පතරංඟ ජාතකේ වගේ උනාම කියවන්න කම්මෑලිවෙයි නේද?

No comments:

Post a Comment

මගේ අදහස් ගෑන ඔබේ අදහසුත් ලියලම යන්නකො . . . .