Sunday, August 10, 2014

මම ආයිත් ලියන්නයි කියල හිතුවා. . . .

අවුරුදු ගානකට පස්සේ තමයි බ්ලොග් එක මතක් උනේ. මගේ අනික් බොලොග් හැමෝටම පොදුවෙ බලන්නත් බැරි නිසා, මේකවත් ටිකක් ලියන්න හිතුවා. බලමුකො වෙලාව තියෙන හැටියට කරන්න.

Sunday, October 23, 2011

ඇතුවත් බෑරි, නෑතුවත් බෑරි ජංගම දුරකථන - 2

මම ගිය සතියෙ ලිපියෙන් කිව්වෙ ලංකාවට ජංගම දුරකථන සමාගම් පෑමිණීම සහ එහි වර්ථමානය දක්වා වූ විකාශනයනෙ.අද එකේ දෙවෙනි කොටස හෑටියට, ලංකාව පෑමිණි ජංගමම දුරකතන වර්ග පිළිබඳව කෙටි විස්තරයක් කරන්න හිතුවා.

මම එදා කිව්වනෙ ලංකාවට මුලින්ම ජංගම දුරකථනය හඳුන්වලා දුන්නෙ, සෙල්ටෙල් කියන සමාගම කියලා. ඒ 1989 වසරෙදි.

නමුත් ජංගම දුරකථනය ප්‍රථම වතාවට අත්හදා බෑලුවෙ, 1973 වසරෙදි. ඒ Dr. මාර්ටින් කූපර් කියල කෙනෙක්. මොහු මේ සඳහා භාවිතාකරේ ඔහුගේම නිෂ්පාදනක් වූ Motorla DynaTAC කියන දුරකථනය. ඒ වර්ගය තමයි අපි ගඩොල් බාගේ කියලා කියලා ජන වහරට එක්කරගත්තෙ.

ජංගම දුරකථනයේ නිර්මාතෘ Dr. Martin Cooper සිය Mtorola Dyna TAC 8000 සමඟ

මේ කියන ගඩොල් බාගේ කිලෝ එකකටත් වඩා බරින් වෑඩි උනා. මේ කියන අවධියේදි මෙම දුරකථනයක මිල රුපියල් ලක්ෂ හතරක් පමණ උනත්, 1989 දි අපේ රටට පෑමිනෙද්දි මිල මගේ මතකෙ හෑටියට ලක්ෂ 2.5 වගේ උනා.

මම කිව්වනෙ, අනූව දශකයේ මුල් භාගයේ, ලංකාවට දෙවෑනි ජංගම දුරකතන ක්‍රියාකරුවෙක් Call-Link කියලා එනවයි කියලා. මොහු ක්‍රියාත්මකවන් විටදි, ජංගම දුරකථනයේත් දියුණුව ඇරඹිලා, ප්‍රමාණයෙන් කුඩා, වෑඩි කතා කාලයක් ඈති දුරකථන නිපදවීම Motorola සමාගමම අරඹලා තිබුනෙ. ඒ නිසා මොවුන් මේ කාලය වෙනකොට Motorala MicroTAC දුරකථනය අපේ වෙළඳපොලට හඳුන්වලා දෙනවා. මම අර අපේ පොඩි අයියා මුලින්ම ගත්ත කිව්වෙ මේකක් තමයි.

Motorola MicroTAC දුරකථනයක්

මේක තමයි, මේ කාලයවනවිට පෑමිණි සෑහෑල්ලුම, කමිස සාක්කුවේ බහාලිය හෑකිවු දුරකථනය. නමුත් මේ වනවිටත් තිරයෙ සටහන්වූයේ අංක අටක් පමණයි. හෑබෑයි, ඒක සෙවන් සෙග්මන්ට් ඩිස්ප්ලේ එකක් නෙමෙයි, ඩොට් මෑට්‍රික්ස් LED ඩිස්ප්ලේ එකක්. මේනිසා මේකේ, දුරකථන අංක ගබඩාකර තබාගෑනීමේ හෑකියාවක් තිබුණ.

මේ අතර වසර 1992 වනවිට Nokia සමාගම වානිජ වශයෙන්, මහා පරිමාණයෙන්, ප්‍රමණයෙන් කුඩා හා පුළුල් තිර දුරකථන නිපදවනවා. නමුත් ලංකාවේ බහුලව භාවිතා වුනේත්, ජනප්‍රිය උනේත් Motorola දුරකතන තමයි. එත් මේ සෑම දුරකතනයක්ම කලුපාට LCD තිරයක් සමඟ කහපෑහෑති පසුබිම් LED වලින් සමන්විත උනා.

ඒත් මීට සමගාමීව පෑමිණි Alcatel One Touch, Alcatel One Touch Easy දුරකථනත්, Ericsson T10 වෑනි දුරකථනත් විවිධ වර්ණයන්ගෙන් යුත් පසුබිම් ආලෝකයන්ගෙන් සමන්විත උනා.

මේ අතර IBM හා BellSouth සමාගම් ප්‍රථම Smart Phone එක එළි දක්වනවා 1993 වසරෙදි. ඒ IBM Simon නමින්. මම දන්න තරමට මේවා ලංකාවට පෑමිණියේ නෑහෑ. මේවාට ස්මාර්ට් ෆෝන් කියන්නෙ, ෆෝන් එකකට අමතරව නොයෙක් එදිනෙදා වෑඩ කරගන්න පුළුවන් නිසා. මේකෙ calendar, address book, world clock, calculator, note pad, e-mail, and games තියෙනවා. ඈත්තටම මේ නිසා මේවා PDAs කියලත් හඳුනවනවා.


මේ අතරෙදි ජපන් සමාගමක්, ප්‍රථම තමන්ට කෑමති පරිදි රින්ගින් ටෝන් වෙනස් කලහෑකි දුරකතනයක් ඉදිරිපත් කරනවා 1996 දි . ඒ Mova N103 Hyper නමින්.

වසර 1997 දි ජංගම දුරකථන ක්ෂෙත්‍රයේ එක් පෙරලියක් කරමින් ප්‍රථම වර්ණ තිරය සමඟ දුරකථනය සීමන්ස් සමාගම එළිදක්වනවා S10 නමින්.

මේ දක්වා පෑමිණි සෑම දුරකථනයකටම පොදු අංගයක් තිබුන. ඒ ඈකිලිය හෑකි හෝ නොහෑකි, කෙටි ඈන්ටනාවකින් සමන්විත වීම. ඒත් මෙකී එළියට පෑමිනි ඈන්ටෙනාව, ඈතුලේම රඳවමින් Nokia සමාගම ප්‍රථම ඈන්ටෙනාව රහිත 8810 නමින් දුරකථනයක් හඳුන්වා දෙනවා, ඒ 1998 දි.

1999 වසර කියන්නෙ ජංගම දුරකථන ක්ෂෙත්‍රයට සුවිශේෂි වසරක්. මේ වසරේදි සමාගම් කිහිපයක් නවතම අංගයන් එකතුකරමින් තමන්ගේ නවතම දුරකථන මාදිලි ඉදිරිපත් කරනවා. මේ වනවිට ලංකාවේ වෙළඳපොල ආක්‍රමණය කරලා තිබුණෙ Ericsson කියන වර්ගය. Nokia දුරකථන ලංකාවට වෑඩිය එන්න ගත්තෙ 2000 න් පස්සෙ වගේ. ඒ වෙනකන් ලංකාවේ ජංගම දුරකථන වෙළදපොල Motorola, Ericsson, Alkatel, Siemens රජ කරන් හිටියා. නමුත් ලෝක වෙලඳපොල ගත්තහම, Nokia සමාගම වෑඩි කොටසක් අත්පත් කරගත්ත. Nokia 3210 දුරකතන මිලියන 160 කටත් වඩා අලෙවි උනා.

මේ අතර සෑම්සුන්ග් සමාගම ජංගම දුරකථන ලොවේ තවත් පෙරළියක් කරනවා. ඒ ප්‍රථම MP3 සින්දු වාදනය කලහෑකි SPH - M 100 දුරකතනයත් සමග. මේකත් සමගම තමන් කෑමති සින්දුවක්, තමන්ගේ ෆෝන් එකේ රින්ගින් ටෝන් එක විදිහට දමාගෑනීමේ හෑකියාවක් ලෑබුණ.

මේ අතර Nokia සමාගම ඊ මේල් හා ඉන්ටර්නෙට් පහසුකම් සහිත ප්‍රථම WAP ( Wireless Application Protocol) බ්‍රව්සරය සමඟ 7110 නමින් දුරකථනයක් එලිදක්වනවා.මීට සමගාමීව Benefon සමාගම තවත් පෙරලියක් කරමින් ප්‍රථම GPS (Global Positioning System) පහසුකම් සහිත Benefon Esc දුරකථනයක් එලිදක්වනවා.

වසර 2000 කියන්නෙ ජංගම දුරකථන ක්ෂෙත්‍රයේ තවත් එක් සන්ධිස්තානයක්. ඒ ප්‍රථම කෑමරාවක් සහිත ජංගම දුරකථනයක් ජපානයේ Sharp සමාගම J-SH04 නමින් වෙළඳපොලට එවීම. මෙය 0.1 මෙගාපික්සල් කෑමරාවකින් සමන්විතවෙනවා. මෙම අංගය ඈතිව දුරකථන පෑමිණිම මගේ මේ ලිපි පෙලේ අවසාන කොටසට හා සබෑඳෙනවා.

වසර 2001 කියන්නෙත් සුවිශේෂි වසරක්. දත්ත හුවමාරු කරගත හෑකි, Bluetooth තාක්ෂණය සහිත ජංගම දුරකථන පෑමිනෙන්නෙ මේ වර්ෂයේදි. ඒ Ericsson T-39 එක්ක. මෙතෑන්සිට වසර 2005 පමණ වෙනකන්, සුවිශේෂි අංග නෑතත් විවිධාකාරයේ ජංගම දුරකථන නිෂ්පාදනය කරනවා. ඒ අතරින්, Motorola, Sony Ericsson, Nokia, Sagem, Alkatel, Samsung, ලංකාවේ විවිධ ප්‍රමාණවලින් ජනප්‍රිය වෙනවා.

2011 වසරට එන්න, තව ගොඩක් ලියන්න තියනව. ඒක නිසා මේ පෝස්ට් මාලාවේ දිග වෑඩි වේගන එනවා. දිග වෑඩි උනත් කියන දේ හරියට කියන්න ඕනනෙ. ඒක නිසා දෙවෑනි ලිපිය මෙතනින් අවසන් කරන්නම්.

Thursday, October 20, 2011

ඇතුවත් බෑරි, නෑතුවත් බෑරි ජංගම දුරකථන - 1

මම මේ මාතෘකාව ගත්තෙ විශේෂ සිදුවීමක් පාදක කොටගෙන නම් නෙමෙයි. මේ ගෑන අතීතය නොදන්න අය දෑනුවත් කරන්න සහ මේවා භාවිතය ගෑන මගේ අදහස් කියන්න, මේකට අවශ්ය්‍ය වටා පිටාව සකස් කරන්න, මම ලංකාවෙ ජංගම දුරකථන ඉතිහාසය ගෑන බිඳක් ලියන්න හිතුවා.

මම කුඩා කාලයේදි තිබුණේ රෑහෑන් දුරකථන පමනයි. එහෙම දුරකථනයක් තිබුනෙත් කාලාතුරකින් ගෙදරක විතරයි. ඒ කාලේ හෑටියට සෑහෙන වත්කමක් ඈති පුද්ගලයින්ට පමණක් පුද්ගලික දුරකථන සීමාවෙලා තිබුණ.

කොහොමත් ඒ කාලෙදි සමාජයේ බොහෝ පිරිසකට දුරකථන භාවිතා කිරීමේ අවශ්ය්‍යතාවයක් තිබුනේ නෑහෑ. මොකද, දුරකථන සංවාදයකට යන්න අනෙක් කෙනාටත් දුරකතනයක් තියෙන්න ඕනනෙ. වෑඩි දෙනෙක් ඒ කාලේ හදිස්සි පණිවිඩයකට හරි ඈමතුමක් ගන්න ගියේ, ළඟම තියන තෑපෑල් කාර්යාලයට. ඒත් ගිය සෑනින් ඈමතුම ගන්න පුළුවන් වුනේ, ඒ දුරකථන කලාපේ තියන දුරකථන අංකයකට විතරයි. වෙනත් ප්‍රදේශයකට ගන්නවනම්, කෝල් එක බුක් කරලා එක්ස්චේන්ජ් එකෙන් ඒක සම්බන්ධ කරනකන් බලන් ඉන්න ඕන.

මම හිතන්නෙ අද කාලේ ජංගම දුරකථන භවිතාකරන අය මේ වගේ තත්වයක් එදා තිබුනෙ කියල අහලවත් නෑතුව ඈති. ඒකටත් එක්ක තමයි මේ ටික මුලින්ම ලියලා පටන් ගත්තේ.

ලංකාවට ජංගම දුරකථනය මුලින්ම හදුන්වලා දුන්නේ 1989 සෙල්ටෙල් නෑමෑති ආයතනයක් විසින්. ඒ කාලේ GSM ( Global System for Mobile Communication ) තාක්ෂණය තිබුනේ නෑහෑ. තිබුනෙ, DTMF (Dual Tone Multi Frequency) තාක්ෂණය විතරයි. මේ ක්‍රමය දෑන් හඳුවන්නෙ ෆර්ස්ට් ජෙනරේෂන් මොබයිල් නෙට්වර්ක් විදිහට. ඒ දවස්වල මුලින්ම ආපු ජංගම දුරකථනය ඉතා විශාල ප්‍රමාණයේ එකක් උනා. ඒක ලංකාවේ ජනප්‍රියඋනේ ගඩොල් බාගේ කියලා, එකේ සයිස් එක නිසා. ඈත්තටම ඒක ලොකු ඉංජිනේරු ගඩොලකින් භාගයක් විතර ඈති. මට මතක විදිහට ඒ දවස්වල ජංගම දුරකථනයක් රුපියල් ලක්ෂයකට අධිකයි. ඒ නිසා, ඒ දවස්වල ජංගම දුරකථනයක් සාමාන්ය කෙනෙක්ට මිලදීගෑනීමේ හෑකියාවක් තිබුනේ නෑහෑ.

මගේ මතකය හරිනම්, දෙවෑනියට පෑමිණි ජංගම දුරකතන ආයතන සාමාජිකයා උනේ කෝල් ලින්ක් කියන සමාගම. ඒක පටන්ගත්තෙ අනූව දශකයේ මුල් භාගයේ. හරියට දන්න කෙනක් ඉන්නවනම් කියන්න. අද ඒක පවතින්නෙ හච් කියලා. ඊට පෙර පෑවතියේ, හචිසන් ටෙලිකොම් ලන්කා විදිහට. මේකත් පටන්ගත්තෙ, DTMF තාක්ෂණයෙන්. මේ වකවානුව වෙද්දි, දුරකතනයේ ප්‍රමාණය තරමක් කුඩාවෙලා තිබුණ. උසින් ද මහතින් ද අඩුවී, මිලෙහිද විශාල අඩුවීමක් තිබුණ. මේ කාලය වනවිට ලන්කාවේ ජනප්‍රිය නිෂ්පාදනය උනේ Motorola කියන වර්ගය.

අපේ ගෙදරත් මුල්ම ජංගම දුරකතනය ගත්තෙ කෝල් ලින්ක් සම්බන්ධතාවයකින්. අපේ පොඩිඅයියා විතරයි ඒ කාලයේ රෑකියාවක් කරේ. ලොකු අයිය කෑම්පස්. මම A/L කරනවා. අපේ පොඩි අයියා එදා ඉඳන්ම සුදිකාරයා. දකින දකින දේ ගන්න ඕන. ඉතින් එයා රස්සාවක් කරන එකේ මෑන්ට හිතිලා ඕකක් ගන්න. එයා ෆෝන් එකක් ගෙදර අරන් එනකම්ම කවුරුත් දන්නෙ නෑහෑ. එකේ ගාන අදටත් මම දන්නෙ නෑහෑ. මම හිතන විදිහට එකට 20,000 ක් වගේ ගෙවල, මාසික වාරිකයකුත් තිබුණ. අද කාලේ වගේ නෙවෙයි, ඒ කාලේ හෑටියට ඕක සුලුපටු දෙයක් නෙවෙයි.

මේ දවස්වල ෆෝන් වල ඉන්කමින් හා අවුට්ගොයින් කියන දෙකටම චාර්ජ් වෙනවා. ඒවත් සුලුපටු ගනන්වලින් නෙමෙයි. විනාඩියට රුපියල් 14.00 ක් වගේ. ඉන්කමින් හා අවුට්ගොයින් කියලා කිසිම වෙනසක් තිබුනෙ නෑහෑ.

මේ අතරෙදි 1993 දි Mobitel නමින් තුන්වන ජංගම දුරකතන සේවා සපයන්නෙක් එනවා. ඒත් ඔවුනුත් භාවිතාකලේ එවකට පෑව්ති DTMF තාක්ෂණය. ඔවුන්ටත් කිසියම් ග්‍රාහක පිරිසක් හිටියත් වෑඩි ජනප්‍රියත්වයක් ගන්න හෑකියාවක් තිබුනෙ නෑහෑ.

ඔය අතරෙ තමයි, 1998 දි ලංකාවෙ පළවෙනි GSM මොබයිල් නෙට්වර්ක් එක, Dialog GSM කියලා පටන් ගත්තෙ. මේක, අනිත් රටවල වගේම උණු කෑවුම් වගේ ලංකාවෙ ජනප්‍රිය උනා. ඒකට ප්‍රධාන හේතු දෙකක් තිබුණ.

එකක් තමයි, මේ අලුත් තාක්ෂණයත් එක්ක තමයි, කෙටි පණිවුඩ සේවාව පටන් ගත්තෙ. දෙවෑන්න තමයි, සම්බන්ධතාවය තිබුනෙ, ජංගම දුරකතනයේ නෙමෙයි, වෙනම කුඩා චිපයක. මේ චිපය තමයි SIM (Subscriber Identity Module) එක කියලා කියන්නෙ. ඒ කාලයේ තිබුණ ප්‍රධාන මෙන්ම, එකම වාසිය උනෙත් ඔය දෙක විතරක් උනාට කාලයත් එක්ක, Value Added Services කියන ඒවා වෑඩි උනේ මේ ක්‍රමයත් එක්ක.

මුල කාලයේ පෑමිණි දුරකථන වලට මේ සිම් කාඩ්පත විශාල ATM කාඩ්පතක ප්‍රමාණයම ඈතුල්කරන ක්‍රමයක් තිබුනෙ. සාමාන්යයෙන් බෑටරිය යට. කාලයත් සමගම සිම්පතේ චිපය සමඟ පොඩි කොටසක් කපා ඈතුල් කල හෑකි දුරකතන වෙළඳපලට ආවා. මීට සමගාමීව දුරකතනයේ ප්‍රමාණයද විශාල ලෙස අඩුවීමක් උනා.

'99 වනවිට මේ දුරකතන සමාගම් අතර සටන ඈරඹුනා. විවිධ පෑකේජයන් විවිධ පුද්ගලයින් කේන්ද්‍රකරගනිමින් නිකුත් කරන්න පටන් ගත්ත. එකිනෙකාට නොදෙවෙනි වෙන ලෙසට එකකට එකක් අනුරූපී පෑකේජයන් එන්න ගත්තා, ග්‍රාහක ගහනය හෑකිතාක් තමන්ගේ පෑත්තට ගන්න.

මේ කාලය වනවිට විවිධ වර්ගයේ ජංගම දුරකථන වෙළඳපොලේ තිබුනා. ඒ අතර Motorola, Ericsson, Alcatel යන වෙළඳ නාම තමයි ජනප්‍රියවෙලා තිබුනේ. Nokia දුරකතන එතරම් ජනප්‍රියත්වයක් තිබුනෙ නෑහෑ.

Dialog GSM එකේ ජනප්‍රියත්වයත් එක්ක, අනෙක් DTMF දුරකථන සෑපයුම් කරුවන්ට තරඟ කිරීමේ හෑකියාවක් තිබුනේ නෑහෑ. ඔවුන්ට තිබුණ එකම විකල්පය වුනේ, ඔවුන්ගේ සේවා සෑපයිමත් GSM ක්‍රමයට හෑරවීම පමණයි.

සෙල්ටෙල් සමාගම '99 හෝ 2000 දි තමන්ගේ GSM සන්නිවේදන කටයුතු Celtell Infinity ලෙස දියත් කලා. මේ සමඟම විශේෂ පෑකේජයන් හඳුන්වාදුන්න.

මේ පාරේ යමින් මොබිටෙල් සමාගම 2004 වසරේ අග භාගයේදී තමන්ගේ GSM නෙට්වර්ක් එක අත්හදා බෑලුවේ රටේ දුරකතන සේවාවේ මහත් ආන්දෝලනයක් ඈතිකරමින්. ඒ කල් වේලා ඈතිව GSM සිම්පත් අයදුම් කල අයට, නොමිලේ ඈමතුම් ගෑනීමට හෑකියාව ලබා ලබාදෙමින්. ඒ ඔවුන්ගේ GSM ජාලය අත්හදාබෑලීමේ කාලය පුරාවට. ඈත්තටම මේක Mobitel එකේ ප්‍රවර්ධන ක්‍රමෝපායක්. මේකේ බෑරෑරුම්බව අනෙක් ක්‍රියාකරුවන් දෑනගෙන හිටියා. මේක කෙතරම් ආන්දෝලනාත්මක උනාද කියතොත්, අනෙක් ජංගම දුරකථන ක්‍රියාකරුවන් මේකට විරුද්ධව උසාවි පවා ගියා. ඒත් මේවනකොට Mobitel ආයතනය ශ්‍රි ලංකා ටෙලිකොම් එකේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වෙලා තිබුන නිසා, ඔවුන්ට නොසෑලී සිටීමේ හෑකියාව තිබුන.

මේත් එක්කම ලංකාවෙ අඩුම ග්‍රාහකයින් පිරිසක් සිටි, Hutchison Telecommunications එක Hutch නමින් තමන්ගේත් GSM ජාලය ආරම්භ කරා. ඒ 2004 වසරදි. ලංකාවෙ දෙවෑනි ජන්ගම දුරකතන ජාලය වූ Call-Link සමාගම තමයි, පසුකලකදී Hutchison Telecommunications නමින් මෙහෙයුම් කර , 2004 දි Hutch වෙන්නෙ.

මේ අතර පස්වෑනි GSM ජංගම දුරකථන ක්‍රියාකරුවෙකු 2009 දි එනවා. ඒ භාරති එයාර්ටෙල් ආයතනය. තමන්ගේ මෙහෙයුම් වර්ෂ 2009 ජනවාරි පස්වෑනිදා අරඹනව, ඒ Airtel නමින්.

විවිධ පෑකේජයන්ගෙන් හෙම්බත් වී සිටි ලාංකිකයෝ මේ සමාගම ගෑන අධිතක්සේරුවක ඉන්නව. ඉතා අඩු මාසික වරිකයකට අවුට්ගොයින් ෆ්‍රී පෑකේජයන් දෙනවයි කියලා රට පුරා කටකතා යනවා. මොවුන්ගේ සිම් නිකුත්කරන දවස් වල අව්ව වෑස්ස නොතකා, දිග පෝලිම් වල ඉන්නවා. ඒත් අන්තිමේදි වුන සෙතක් නෑහෑ. හෑමෝම බනින්න පටන් ගන්නවා, නිකුත්කර පෑකේජයන් හා දීමනා දෑකපුවහම.

Airtel එකත් ලාභ ලෑබීමේ පරම චේතනාවෙන්, ලංකාවේ විදේශ විනිමය ඉන්දියාවට ඈදගෑනිමේ ක්‍රමයක් ලෙස පටන්ගත් තවත් එක් ජංගම දුරකථන ක්‍රියාකරුවෙක් උනා.

ඔන්න ඔහොමයි දෑනට ලංකාවේ ඉන්න ජංගම දුරකථන ක්‍රියාකරුවන් පස්දෙනාගෙ විකාශනය සිදුවුනේ.

දෑන් මේක දිගත් එක්කනෙ. ලංකාවේ ෆෝන් වල විකාශනය ඊළඟ ලිපියෙන් ලියන්නම්.

Wednesday, October 12, 2011

වර්තමාන රූපවාහිනී මාධ්‍ය කළාව. . . .

ඈත්ත වශයෙන්ම කියතොත් මට මෙහෙම මාතෘකාවක් ගෑන ලියන්න හිතුනෙ, පහුගිය ඉරිදා උදේ අහම්බෙන් වගේ මම බලපු ' ඉරිදා ආයුබෝවන් ' වෑඩසටහන නෑරඹීමත් එක්ක.සාමාන්යෙන් මට ඉරිදා දවසේ රූපවාහිනී වෑඩසටහන් නරඹන්න ලෑබෙන්නෙ නෑහෑ. ඉඩක් ලෑබුනොත්, මතක් උනොත් උදේ 7.30 ට යන් ඉරුදින අරුණෑල්ල බලනවා. මොකද මගේ ඉරුදින චරියාවේ කොටසක්නෙ, වගා කරන එකත්.

මම උදේ කනගමන් නිකමට වගේ තමයි TV එක දෑම්මෙ. ඒත් ඒ වෙලාවෙ තිබුණ සංවාදය ඉතා හෑඟීම් බර, අනුවේදනීය, ආදර්ශී එකක් බව තේරුන නිසා, ඒක දිගටම බෑලුවා.

ඒකට ඈවිත් හිටියෙ ලංකාවෙ ඉන්න ප්‍රවීන රංගධරයෙක්, නාට්ය අධ්යක්ෂවරයෙක්, රචකයෙක්, නළුවෙක්, අංග රචකයෙක් වගේම සවුන්දර්ය්‍ය විශ්ව විද්යාලයේ කථිකාචාර්ය වරයෙක් වන ජයලාල් රෝහණ මහතා සහ එයාගේ 13න් වියෑති දියණිය.

ඈත්තටම මටත්, නිවේදකයටත්(මහේෂ්), නිවේදිකාවටත්(කෞශල්යා) ඈස් වලට කඳුලු එන අතීත කතාවකින් තමයි මේ සන්වාදය ගලාගෙන ගියේ. සමහර අද සමාජයේ ඉහල තලවල ඉන්න මිනිසුන් ඒ තත්වයට පත්වෙන්න කෙතරම් දුක් විඳලා තියනවද කියලා දෑනගන්න පුළුවන් වෙන්නෙ ඒ වගේ අතීතය අමතක නොවුන, නොකරන ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගෙන් පමණයි කියලා මට හිතෙන්නෙ.

ඈත්තටම අද කාලෙ හෑදෙන වෑඩෙන සල්ලි නෑත්නම් මොනවත් කරගන්න බෑහෑනෙ කියන ළමයින්ටත්, කිසිම අඩුවක් පාඩුවක් නොතේරෙන ළමයින්ටත් මේ වගේ පුද්ගලයන් වර්ථමාන තත්වයට එන්න වින්ඳ දුක් කරදර, ඔවුනෙගේ නොපසුබට උත්සාහය කෑපවීම අහනවනම් ඉතා වටිනවා. ඒ වගේම අනෙකුත් නාලිකාවල යන වල් පල්, ඕප දූප වෑඩසටහන් වලට වඩා මේවා කොච්චර අර්තාන්විතද?

මම උනත් සෑම රූපවාහිනී නාලිකවක්මවගේ නරඹනවා. ඒවායේ විකාශනය කරණ, තුට්ටු දෙකේ, කිසිම හරයක්, ගතයුත්තක නෑති වෑඩසටහන් පවා මම නරඹලා තියනවා.

ඒත් මම කියන්නෙ, ලන්කාවේ මාධ්‍ය, හුදු, සරල, තාවකාලික විනෝදස්වාදය දීලා මදි කියන එක. ඔවුන්ට ඊට වඩා එහාට ගිය ලොකු සමාජ වගකීමක් තියෙන්න ඕන. ගොඩක් මාධ්‍ය බලන්නෙ, මේ රටේ ඉන්න හයක් හතරක් නොතේරණ, ජීවිත අවබෝධයක් නෑති තරුණ කොළු ගෑටයින්, ගෑටිස්සියන් අල්ලගන්න වල්පල්, ඕපදූප වෑඩසටහන් කරලා තමන් තමයි, ජනප්‍රිය කියලා පෙන්නන්න.

මේක තමයි අද විද්යුත් මාධ්‍ය කලාවේ තේමාව. මේක හරිම ශෝචණීය, ඛේදනීය ප්‍රවනතාවක්. මේ ගෑන රටේ පාලකයින්වත් හිතන්නෙ නෑහෑ. සමහරවිට හිතන්න උවමනාවකුත් නෑතුව ඈති, මොකද මේවගේ හුදු විනෝදයට කෑමති පිරිසක් රටේ ඉන්න කොට, එයාලට එයාලා කෑමති විදිහට රට කරවන්න පුළුවන් නිසා.

ඈත්තටම මට හිතාගන්න බෑහෑ, මාධ්‍ය නියාමනයන් පනවන්න බෑරි ඈයි කියලා. බෑරිකම නෙවෙයි තියෙන්නෙ, උවමනාවක් නෑතිකම සහ එහෙම කරොත් තමන්ටවන පාඩුව වෙන්න ඕන.

උදාහරණයක් විදිහට ගත්තම සිරස රූපවාහිනී චෑනලයේ ඉරිදා උදේට විකාශය කරන "ඉරෝෂයි නිරෝෂයි", ස්වර්ණවාහිනියේ ඊට සමගාමීව විකශයවන "Coffee with ලහිරු & මුදිත" . මෙවාට ගෙන්නන්නෙත් ජනප්‍රිය යයි කියන කෝඩුකාර නළු,නිලියන්,ගායක - ගායිකාවන් විතරනෙ. ඒ මදිවට ගෙන්නන පුද්ගලයන්ගෙන් අහන්නෙත් කිසිම හරයක් නෑති ප්‍රශ්න ගොන්නක්නෙ. බහුවරණ ප්‍රශ්ණ පත්තරයක් තියාගෙන, ගෙන්නන හෑම කෙනාගෙන්ම අහනවා. ඒ බහුවරණ තුනෙන් ගොඩක් වෙලාවට තියෙන්නෙ ධනාත්මක පිළිතුරු දෙකක්, අනෙක සෘනාත්මක එකක්. මේ එන ගොයියලා හෑමකෙනෙක්ම වගේ අවන්ක, සාධාරණ සර්වසුභවාදී බව පෙන්නන්න තෝරන්නෙත් අර ධනාත්මක පිළිතුරු විතරයි.

කොහොමත් ඉතින් මේ වගේ බොළඳ වෑඩසටහන් වලට ප්‍රවීණයන් හෝ සමාජීය වෑදගත්කමක් තියෙන කෙනෙක් එන එකකුත් නෑහෑනෙ.

මේවා ක්ෂණික වින්දනයක් පමණක් ලබලා දෙන, සෝඩා බෝතලේ කෑඩුවා වගේ වෑඩසටහන් විදිහටයි මම දකින්නෙ. නමුත් මීට වඩා හරවත්, සමාජයට වෑඩදායක, ළමයින් හා වෑඩිහිටියන්ගේ අධ්‍යාපනික, සාමාජීය අවබෝධය එක බිඳුවකින් හෝ උසස් කරන වෑඩසටහන් කරන්න අපේ පුද්ගලික නාලිකාවල වගකිවයුත්තන් කටයුතු කරන්න ඕන කියලයි මට හිතෙන්නෙ.

ව්ශේෂයෙන්ම සති අග වෑඩි ප්‍රෙක්ෂක පිරිසක් නරඹන උච්ච වේලාවන් වල ප්‍රචාරනය කරන වෑඩසටහන් වල ගුණාත්මකභාවය ගෑන සෑලකීම ඉතාම වෑදගත්. මේවා මුළු පවුලක්ම නෑරඹිය යුතු හා නෑරඹිය හෑකි හරවත් වෑඩසටන් වෙන්න ඕන. මුලු සතිය පුරාවටම සරල, බොළඳ වෑඩසටහන් වෑඩිපුර යන එකේ, සෙනසුරාදා, ඉරිදා යන දවස් දෙකටවත් මේ ගෑන හිතුවොත් හොඳයි.

කොහොම උනත් පුද්ගලික නාලිකවලත් හරවත්, සමාජීය මෙහෙවරක් කරන වෑඩසටහන් නෑතුවා නෙමෙයි. මොනවා උනත් අපි අගය කළයුතු දේ අගය කරන්න ඕන. නෑත්නම් අපි මහ කුහකයින් වෙනවා.

මම මේ හෑම දෙයක්ම කිව්වෙ මිනිස්සුන්ට වින්දනයක් අවශ්‍ය නෑහෑයි කියන්න කියලා වෑරදි අර්ථකතනයක් ගන්න එපා. මම මුලින් කිව්ව වගේ මමත් ඔය කියන බොළඳ වෑඩසටහන් බලලා තියනවා.

අද සමාජයේ මින්ස්සු වෑඩකරන්නෙ පුදුම ආතතියක් ඈතුව. ඒ ආතතියේ විශාලත්වය ඒ ඒ පුද්ගලයගේ රෑකියාවේ ස්වභාවය මත තීරණය වෙන්නෙ. මේ තත්වය පුද්ගලික අංශයෙදි ගොඩක් වෑඩියි. මොකද මම දන්නවා මම අවිවාහකයෙක් විදිහට ඉඳලත් සමහර වෙලාවට කොච්චර ආතතියකින්ද ඉන්නෙ කියලා. වෙලාවකට මට පිස්සු වගේ අවස්තා තියෙනවා, රෑකියාවේ හා ගෙදර ප්‍රශ්ණත් එක්ක. මේ තත්වය විවාහකයෙකුට තවත් වෑඩි මිසක් අඩු වෙන්න බෑහෑ.

ඒක නිසා මිනිසුන්ගේ ආතතිය තාවකාලිකව හෝ නෑති කිරීමට මේ විනෝදස්වාදක වෑඩසටහන් ඉවහල් වෙනවා. ඒක නිසා මිනිසුන්ගේ මනසට යම් සහනයක් දියහෑකි, මෙවෑනි විනෝදජනක වෑඩසටහන් තිබීම වෑදගත්. උදාහරණයක් විදිහට ගත්තම "‍YES BOSS", "නෝනාවරුණි මහත්වරුණි" Adult Comedy ගනයේ හොඳ වෑඩසටහන්.

ඒ වගේම හොඳ සංගීත වෑඩසටහන් මානසික ආතතිය නෑතිකරගන්න රුකුලක්. ඒ කිව්වෙ රියලිටි ෂෝස් ගෑන නෙමෙයි. ජාතික රූපවාහිණියේ " සඳ රඟ මඬළ " ," සඳ දිය දෝතක් " වගේ වෑඩසටහන්. ජාතික රූපවාහිණියම උදාහරණයකට ගත්තට තරහ වෙන්න එපා. පෞද්ගලික නාලිකාවලත් ඉතා උසස් වින්දනීය රසයක් ඈති සංගීත වෑඩසටහන් තියනවා.

ආපහු මම කියනවා. කොහොම උනත් පොදුවේ ගත්තම සෑම නාලිකාවකම වගේ හරවත්, සමාජීය මෙහෙවරක් කරන වෑඩසටහන් තියනව. මොනවා උනත් අපි අගය කළයුතු දේ අගය කරන්න ඕන. නෑත්නම් අපි මහ කුහකයින් වෙනවා.

මේකටම ඈඳිච්ච මාතෘකාවන් තමයි, වර්ථමාන FM නාලිකා, නවපරපුරේ නිවේදක නිවේදිකාවො, ඒ ගෑන වෙනම ලිපි දාන්නම්කො. නෑත්නම් මේක පතරංඟ ජාතකේ වගේ උනාම කියවන්න කම්මෑලිවෙයි නේද?

Sunday, October 9, 2011

ලාන්කීය මෑතිවරණ හා දේශපාලනය

චන්දෙ කිව්වම ඊයේ වෙලා තිබුණ සිද්ධිය අමතක කරන්න බෑහෑ. මේ වගේ පුන්චි චන්දයක, මිනීමෑරුම් කිසි කෙනෙක් බලාපොරොත්තුවෙන්නෙ නෑතුව ඈති. මම කිව්වෙ මහ චන්දෙකදි නම් මේවා සාධාරණයි කියන එක නෙමෙයි. දෑන් කාලෙක ඉඳන් තිබ්බ මෑතිවරණ, සෑලකියයුතු තරම් බරපතල සිද්දීන් නෑතුව ඉවර උනා. ඈත්තටම අපක්ෂපාති ශ්‍රි ලාන්කිකයන් විදිහට අපිට ඒක ආඩම්බරයක්. ප්‍රතිපත්තියක් හෑටියට මම කිසිම දේශපාලන පක්ෂයට බර නෑහෑ. අවස්තානුරූපව, කාලානුරූපව බලලයි මම චන්දෙ පවිච්චිකරානම් පාවිච්කරේ. ඈත්තට මම ඒ පාවිච්ච්කරලා තිබුණ විදිහගෑන කණගාටු වෙන්න වුනේ නම් නෑහෑ.

ලන්කාවේ මිනිස්සු ගත්තහම කිසියම් සෑලකියයුතු පිරිසක් නූගත් ගණයට වෑටෙනවා.( මේක මතභේදාත්මක වාක්යක් වෙන්න පුළුවන්. එත් අපි තේරුම් නොගත් යතාර්ථය ඒක තමයි.)තව පිරිසක් ඉන්නවා, එයාලට කිසිම හෑඟීමක් කියලා දෙයක් නෑහෑ, රෑල්ලට යන පිරිසක්. ඊලඟට පරම්පරාවට කියල හිතන පිරිස. මම ඈතුලුව අවස්තානුරූපීව හිතන සෑලකියයුතු පිරිසක් නෑතුවාද නෙමෙයි. ඔන්න ඕක තමයි ලන්කාවෙ, මහජනතාවගේ දේශපාලන දෑක්ම මම දකින විදිහ. ඈත්තට මට ලන්කාවෙ මිනිස්සු බහුතරයක් හිතන පතන හෑටි ගෑන දෑනෙන්නෙ පුදුම කණගාටුවක්. ඒත් මට මේ ක්‍රමය වෙනස් කරන්න බෑහෑනෙ. ඒක එන්න ඕන මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක්, සන්වර්ධනයක් එක්ක.

දෑනට මේ යන සමාජ රටාව දෑක්කහම මටනම් මේ රටේ මිනිස්සුන්ගේ අධයාත්මික සන්වර්ධනයක් ලබයි කියන එක හීනයක්, මිරිඟුවක් වගේ. මේවට අපේ රටේ මාධ්‍ය තමයි මූලිකවම වග කියන්න ඕන. මුද්‍රිත මාධ්‍ය කොහොම උනත්, විද්යුත් මාධ්‍ය ගෑන නම් කතා කරලා වෑඩක් නෑහෑ.

මාධ්‍ය කිව්වම වෙනම සටහනක් දාන්න ඕන. ඒක ලියන්නම්කො, වෙනම් පොස්ට් එකක් විදිහට.
-----------------------------------------------------------------------------------------

ඉස්සර ලන්කාවේ මිනිස්සු දේශපාලනය කරේ, තමන්ගෙ පරම්පාරවෙන් උරුම උන දේවල් හෝ ඉන්කොටසකින් තමන්ගෙ ගමට රටට සේවයක් කරන්න. ඒත් දෑන් දේශපාලනය කරන මිනිස්සුන්ගෙන් වෑඩිකොටසක් දේශපාලනයට බහින්නෙ, තමන්ගෙ පරම්පරාවටම හම්බ කරගන්න. එහෙම නෑත්නම් තියන දේ වෑඩි කරගෑනීමේ පරම චෙතනාවෙන්.

මම අහල තියන ලන්කාවේ හිටිය ශ්‍රේෂ්ටතම දේශපාලනඟ්නයා ආචාර්ය විජයනාන්ද දහනායක මෑතිතුමයි. ( මේ කියන්නෙ දෑන් ඔය පඳුරකට ගෑහුවම විසිවෙන සයිස් එකේ ආචාර්ය දේශපාළුවන් නෙමෙයි ) දහනායක මහත්තයගේ උපන්දිනෙත් එන්නෙ මේ 22වෙනිදා නිසා මේ සටහනේ තවත් වෑදගත් කමක් තියෙයි. විජයානන්ද දහනායක මහත්තයා ඉපදිලා තියෙන්නෙ 1902 ඔක්තෝබර් 22 වෙනිදාක. ඔහු මෙලොවින් සමුගත්තෙ 1997 මෑයි මස 4 වෙනිදාක.


විජයානන්ද දහනායක මහතා

ඔහු ලන්කාවේ අගමෑති ධූරය දෑරුවා ඉතා ටික කාලෙකට. ඒ 1959 සෑප්තම්බර් ඉඳන් 1960 මාර්තු වෙනකන්. ඒත් ඔහුගේ දේශපාලන ජීවිතේ පටන්ගෙන තිබුනෙ කාලෙකට කලින් ලන්කා සම සමාජ පක්ෂයෙන්.

මෙතුමා 1960 මාර්තු මෑතිවරණයෙන් පරදිනවා චන්ද 400 කින් වගේ. චන්ද ප්‍රතිඵල ලෑබෙන්නෙ පහුවෙනිදා උදේනෙ. මෙතුමා ඔහුගේ පරාජය බාරගෙන අරලියගහ මන්දිරේ තියන තමන්ගේ සේසත අහුරගන්නවා. ඒ ලොරි දෙකක් පිරෙන්න නෙමෙයි. සූට් කේස් දෙකක් පිරෙන්න. දෑන් ඔහුට සිය ගම වූ ගාල්ලට එන්න අවශ්ය වෙනවා. ඒ නිසා ඔහු ලේකම්වරයගෙන් ඉල්ලීමක් කරනවා ඔහුට ගාල්ලට තමන්ගේ සූට් කේස් දෙකත් අරන් යන්න ඔහුගේ නිල රථ වුනු Humber Hawk රථ දෙකෙන් එකක් දෙන ලෙස. ඔන්න ඔය වගේ දේශපාලනය කරපු පුද්ගලයන් නිදහසෙන් පස්සේ දිගටම හිටියනම් ලන්කාව ආසියවේ ආශ්චර්යයක් වෙන්නෙ මීට අවුරුදු ගානකට කලින්.

හෑබෑයි ඕකට අද ඉන්න පොරවල්, යනකොට යන්නෙ නිලරථ සේරමත් තමන්ගේ දේපල වගේ අරගෙන්. නඩු කියන්න ඕන, භාරදුන්න නිලරථ පවා ආපහු ගන්න.ඈත්තටම මේ දේවල් ගෑන දෑනීමක් තියන මිනිස්සු ඉන්නව නම් ගොඩක් වෙලාවට, දෑන් මේ චන්දෙ ඉල්ලන හොරුන්ට චන්දෙ දෙන්නෙ නෑහෑ.

මේ කතාවට හරියන හොඳ සින්දුවක් තියනවා දීපාල් සිල්වා මහත්තයා කියන. අපේ රටේ චන්ද දායකයින් ඒකත් අහල හිතට යමක් ගත්තනම් හොඳයි. හෑබෑයි මේ කියන්නෙ " ඔලුව තදින් නරක් වෙච්ච- මිනිසුන් පිරිසක් රෑඳිච්ච් " සින්දුව නම් නෙමෙයි.

ඈත්ත වශයෙන්ම කියනවනම්, මේ නව පරපුරේ දේශපාලනයට එන තරුණ ගෑටයන්, ගෑටිස්සියන් මේ වගේ අමරණීය පුද්ගලයින් ගෑන අහලවත් නෑතුව ඈති.

මම මේ සියල්ල කිව්වෙ දේශපාලනේ කියන්නෙ අනවශ්ය,කතා කරන්න අප්‍රිය මාතෘකාවක් කියන්න නෙමෙයි. ඒක කරණ පිරිසකුත් ඉන්න ඕන. මොකද හෑමෝටම ඕක කරන්න බෑහෑනෙ. රටක් කරන්න අපිවගේ රෑකියාවල් කරන පිරිසක්ම මදිනෙ. රට කරවන් පිරිසකුත් ඕන. වෑඩේ තියෙන්නෙ රට කරනවට වඩා වෑඩි දෙනෙක් කරන්නෙ, තමන්ට කරගන්න එකනෙ. එහෙම නෑත්නම් තමන්ට ඕන අයට කරන්න දෙන එක.

කෙසේ උනත්, වර්තමානයෙත් 100% සාධාරණ නෑති උනත් ඉතා එඩිතර, නිර්භීත, ජනප්‍රිය දේශපාලන චරිත තියනවා. අපි ඒ ගෑන ආඩම්බර වෙන්න ඕන. හෑම දෙයක්ම හෙලා දෑකලා කතා කරන්නෙ නෑතුව.

මම දකින හෑටි . . . .

ඔන්න මම ගිය බදාදා කිව්වනේ, මට්ටක්කුලියෙදි නිසූපාගෙ PC එකෙන් බ්ලොග් බල බල කාලා, අළුතින් බ්ලොගයක් කරන්න හිතුනා කියලා. ඔන්න ඉතින් මම හා හා පුරා කියලා අද පටන් ගත්තා ඒ වෑඩෙත්. මේකට මම සතියකට සෑරයක්වත් පෝස්ට් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා, කාලීන දෙයක් ගෑන මගේ දෑක්ම ලියන්න.

ඒක කියවන්න හිතෙයිද දන්නෙ නෑහෑ. ඒත් ඒ ගෑන ඔයාලා කමෙන්ට් නම් කරයි. වෙන දෙයක් ගෑන නෙමෙයි, මගේ Point of view එක ගෑන.